සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු බව කියන මාකඳුරේ මධූෂ් ඩුබායි හිදී අත්අඩංගුවට පත්වීමට පෙර මෙහෙයවූ බව කියන රුපියල් කෝටි 700 මැණික් හා දියමන්ති කොල්ලයට සම්බන්ධව තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
පාදුක්කේ පදිංචි අවුරුදු 28ක් වන සැකකරුවෙකු මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරු අද ගංගෝඩවිල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.