බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වන කංජිපානි ඉම්රාන්ට ආහාර බඳුනක දමා ජංගම දුරකතන දෙකක් හා චාජර් ලබාදීමට උත්සාහ කළ ඔහුගේ පියා ඇතුළු 6 දෙනා එළැඹෙන 25 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගත් අතර අද අධිකරණයට ඉදිරිපත් කළේය.