කංසා ළඟ තබාගෙන ජාවාරම් කිරිමේ චෝදනාවන්ට වරද පිළිගත් තමන්ට මහාධිකරණයෙන් ලබාදුන් දඬුවම දැඩි බව පෙන්වා දෙන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කංජිපානි ඉම්රාන් නමැත්තා එම දඬුවම ලිහිල් කරන්නැයි අභියාචනයකරණයට ඇපෑලක් අද (04) ඉදිරිපත් කළේය.
නීතිඥ ලක්ෂමන් පෙරේරා මහතා මඟින් එම ඇපෑල ඉදිරිපත් කළ කංජිපානි ඉම්රාන් නමැත්තා එම ඇපෑල අභියාචනයකරණයට යොමු කරන්නැයි ඉල්ලමින් කොළඹ මහාධිකරණයට භාරදුන්නේය.
කංසා ළඟ තබාගෙන ජාවාරම් කිරිමේ චෝදනාව මත කංජිපානි ඉම්රාන් නමැත්තාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා නඟා තිබු අතර එම චෝදනාවන්ට වරද පිළිගත් ඔහුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 06 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
විත්තිකරුට එරෙහිව චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබු අතර එම චෝදනාවන්ගෙන් එක් චෝදනාවකට වසර 03 බැගින් චෝදනා දෙකට වසර 06 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා එම සිරදඬුවම වෙන වෙනම ගෙවි යන පරිදි ක්‍රියාත්මක කිරිමටද බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.
2013 සැප්තැම්බර් මස 18 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ මාලිගාවත්තේදී නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව කංසා කිලෝ 05 ග්‍රෑම් 300 ක් ළඟ තබාගැනීම හා එම කංසා ප්‍රමාණය ජාවාරම් කිරිම යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා දෙකක් යටතේ නඩු පවරා තිබිණි.
ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කළ රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරන කංජිපානි ඉම්රාන් නමැත්තා අදාළ නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී එහි නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ඒ අවස්ථාවේදී විත්තිකරුට එරෙහි චෝදනා කියවා තේරුම් කරදුන් අතර අදාළ චෝදනාවන්ට තමන් වරද පිළිගන්නා බව විත්තිකාර කංජිපානි ඉම්රාන් නමැත්තා විවෘත අධිකරණයේදි පැවසීමෙන් අනතුරුව විත්තිකරුට එක් චෝදනාවකට වසර 03 බැගින් චෝදනා දෙකට වසර 06 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරිණි.
එම දඬුවමට එරෙහිව අභියාචනයකරණයට ඇපෑලක් ඉදිරිපත් කරන කංජිපානි ඉම්රාන් නමැත්තා තමන්ට එරෙහිව නඟා තිබු චෝදනාවන් සම්බන්ධයෙන් නඩු විභාගයට නොගොස් තමන්ට ඉඩ ලැබුණු මුල්ම අවස්ථාවේදී තමන් වරද පිළිගත් බවත් එලෙස වරද පිළිගත් තමන්ට මහාධිකරණයෙන් ලබාදුන් දඬුවම දැඩි බවත් නීතිඥ ලක්ෂමන් පෙරේරා මහතා පෙන්වාදී ඇත.
එහෙයින් තමන්ට මහාධිකරණයෙන් ලබාදුන් දඬුවම ඉවත දමා තමන්ට අත්හිටවු සිරදඬුවමක් හෝ අඩු දඬුවමක් හෝ නියම කරන්නැයි විත්තිකරු අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කොට ඇත.