දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ ජංගම දුරකතන සොරා ගන්නා සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
දෙහිවල දුම්රිය ස්ථානය අසළදී මිරිහන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.
ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු මෙවැනි ආකාරයට නවීන පන්නයේ ජංගම දුරකතන 50කට අධික සංඛ්යාවයක් සොරාගෙන ඇති බවට ප්රශ්ණ කිරිම් වලදී හෙළිව තිබේ.
එසේම එයින් දුරකතන 45ක් පමණ දෙහිවල ප්රදේශයේ විවිධ පුද්ගලයන්ට අලෙවිකර තිබියදි සොයාගෙන ඇත.