කෑගල්ලේ සිදු වූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් මියගිය අයගේ ඥාතීන් සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරක් ලබාදීමට කටයුතු කළ බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ එලෙස මිය ගිය අයට අද (17) අවසන් ගෞරව දැක්වීමට එක් වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසූයේ නායයාම හේතුවෙන් මියගිය මාතාවගේ පවුලේ අය සඳහා ආපදාවලින් තොර ගලිගමුව ප්‍රදේශයේ රජය සතු ඉඩමක් ලබාදීමට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාට උපදෙස් දුන් බවය.
මෙලෙස ගංවතුරට හසුවී මිය ගියේ කෑගල්ල ෆෙයා ෆීල්ඩ් හි පදිංචි 46 හැවිරිදි එච්.ලයනල් විජේසිංහ මහතාය.
නිවස නාය යාම හේතුවෙන් අභාවප්‍රාප්ත වූයේ කෑගල්ල වල්දෙණිය පදිංචි 76 හැවිරිදි ඉන්ද්‍රානි සේනානායක මාතාවය.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන කනක හේරත් මහතා, තාරක බාලසූරිය මහතා,ගලිගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති,සබරගමු පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය,ආණ්ඩුකාර ලේකම් ප්‍රභාත් උදාකර මහතා,සමාජ සුභ සාධන අමාත්‍යාංශයේ ලේකම් එච්.ඩී.සිසිර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම