කෑගල්ල නගරය දින 14 කට වැසෙයි
කෑගල්ල නගරය සහ තදාසන්න ප්‍රදේශවල කොවිඩි ආසාදිත රෝගීන් බහුලව වාර්තා වීමත් සමග කෑගලු වෙළෙඳ සංගමය සහ පොදු වෙළෙඳ සංගමයට අයත් කෑගල්ල නගරයේ ව්‍යාපාරික ස්ථාන 18දා සිට 31 දක්වා දින 14 ක කාලයක් ස්වෙච්චාවෙන්ම වසා දැමීමට තීරණය කර ඇති බව සීමාසහිත කෑගලු සිංහල වෙළඳ සංගමයේ සභාපති ඩී එම් ආනන්ද දසනායක මහතා අද (17දා) පැවසිය.
ඵසේම නාගරික සිමාවෙන් පිටත පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථාන ද මෙම කාල සීමාව තුළ තමන්ගේ වෙළඳ සැල් වසා කොවිඩ් මර්දන කාර්යයට සහය දෙන ලෙස ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කරන බව ද ඒ මහතා පැවසීය.
අලව්වත් සතියකට හුදෙකලා වෙයි
මීට අමතරව අලව්ව සිංහල වෙලද සංගමයේ කාරක සභාව ගත් තීරණයකට අනුව හෙට බදාදා (18) දින සිට සතියක කාලයක් අලව්ව නගරයේ වෙළදසැල් වසා දැමීමට කටයුතු කර ඇත.
අලව්ව ශ්‍යාමා/රඹුක්කන නයෝමි