එක් දිනක් තුළ බුළුගහදෙනියෙන් කොවිඩ් මරණ දෙකක් සහ වයිරසය ආසාදනය වී ඇති රෝගින් 30 දෙනකු හඳුනාගෙන ඇති අතර පවුල් 71 ක් පමණ නිරෝධායනයට යොමු කර ඇති බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බණ්ඩාර අත්තනායක මහතා අද (15දා) පැවසීය.
බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ඨාසය තුළ කොවිඩ් වෛසරය වේගයෙන් පැතිර යාමේ අවධානමක් පවතින බැවින් නිවෙස්වලට වී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙසටද ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ 47 ක් වාර්තා වී ඇති අතර 12දා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ මගින් රෝගීන් 155ක් හඳුනාගෙන තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 5362ක් දක්වා වර්ධනය වී ඇති අතර සුවය ලබා ඇති ප්‍රමාණය 4303කි.
රඹුක්කන නයෝමි දිල්රුක්ෂි