කොග්ගල නිදහස් වෙළද කළාපයේ කොරෝනා ආසාදිත ඇගලුම් කමහල් සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාව අද (21) උදැසන වනවිට 101 දක්වා ඉහල ගොස් ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
ඊයේ (20) දිනය තුල නව ආසාදිත රෝගින් 05 දෙනෙකු වාර්තා වි ඇති බවද ඒ මහතා පවසයි. කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හල් 06කින් මෙම රෝගින් වාර්තා වි ඇති බවද හෙතෙම පවසයි. පසුගිය දින 11ක කාලයක් තුල මෙම රෝගින් වාර්තා වි ඇති බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
මේ වන විට කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හල් සේවක සේවිකාවන් 1500ක් පමණ නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින් බව පවසන හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇගලුම් කම්හල් සේවක සේවිකාවන් 4000ක ප මණ පි.සි ආර් හා ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණ සිදුකොට ඇති බවද ඒ මහතා පවසයි.
මේ අතර කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇතිවි තිබෙන කොරෝන පොකුර පාලනය කිරිම සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (20) ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හොල්ඩිගොල් ශාලාවේ දි පැවැත්විණි. කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හල් වල කළමණාකරුවන් සෞඛ්‍ය බලධාරින් හා ආරක්ෂක අංශවල සාමාජිකයින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. කොග්ගල නිදහස් වෙළද කලාපය තුල සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදුන් මාර්ග උපදෙස්වලට අනුව කටයුතු සිදුවනයන්න පිළිබද අධික්ෂණය කිරිම සදහා නාවික හමුදාවේ සහයෝගය ලබාගැනිමට ද මෙහිදි තිරණය වි ඇත.