කොග්ගල නිදහස් වෙළද කලාපයෙන් කොරෝනා ආසාදිතයින් 54 දෙනෙකු දින 06 කාලයක් තුල වාර්තාවි ඇති බවත් මෙම තත්වයත් සමග කොග්ගල වෙළද කලාපයේ පිහිටි අනිකුත් ඇගලුම් කම්හලවල සේවක සේවිකාවන් වෙතද කොරෝනා වසංගතය පැතිරියාමේ අවදානමක් ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි
අද දිනය (16) වන විට කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හල් තුනකින් ඇගලුම් සේවක සේවිකාවන් 54 දෙනෙකු වාර්තා වි ඇති බවද ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සදහන් කළේය.
ඉකුත් 10 වැනිදින එක් ඇගලුම් කම්හලක සේවකයෙකුට හා සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට මුලින්ම තහවුරුවිය. මේ වන විට මෙකි වසංගත තත්වය ඇගලුම් කම්හල් තුනක් පුරාපැතිරිගොස් ඇති බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
එක් ඇගලුම් කම්හලකින් ආසාදිතයින් 34 දෙනෙකු වාර්තා වි ඇති අතර තවත් ඇගලුම් කම්හලින් ආසාදිතයින් 18 දෙනෙකු වාර්තා වි තිබේ. අනින් ඇගලුම් කම්හලින් කොරෝනා ආසාදිතයින් 02 නෙකු වාර්තා වි ඇත. මෙකි අවදානම් තත්වය පිළිබද තමන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා දැනුවත් කිරිමට කටයුතු කර ඇති බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.