කොග්ගල නිදහස් වෙළද කලාපයේ කොරෝනා පොකුර අද (19) උදැසන වනවිට 93 දක්වා ඉහල ගොස් ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හල් 05කින් මෙකි ආසාදිත රෝගින් වාර්තා වි ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි. ඊයේ (18) දිනය තුල ඇගලුම් කම්හල් සේවක සේවිකාවන් 18 දෙනෙකු අලුතෙන් හදුනාගෙන ඇති බවද ඒ මහතා පවසයි.
පසුගිය 10 වැනිදා සිටි දින 09ක කාලයක් තුල මෙම රෝගින් වාර්තා වි ඇති බවද හෙතෙම පවසයි. එක් ඇගලුම් කම්හලකින් රෝගින් 45 දෙනෙකු වාර්තා වි ඇති අතර අනික් ඇගලුම් කම්හලින් රෝගින් 42 දෙනෙකු වාර්තා වි ඇත. ඉතිරි ඇගලුම් කම්හල් තුනෙන් රෝගින් තිදෙනෙකු, දෙදෙනෙකු හා එක් අයෙකු බැගින් වාර්තා වි ඇති බවද ඒ මහතා පවසයි.
මේ වනවිට මෙකි ඇගලුම් කම්හල් පහේ ඇගලුම් සේවක සේවිකාවන් 2000කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනයට ලක්කොට ඇත. සේවක සේවිකාවන් 3500 කට ආසන්න පිරිසක් සදහා ක්ෂණික ප්‍රතිදේහ පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.