කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කම්හල් පොකුරේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (18) වනවිට 75 දක්වා වැඩිවි ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
මේ වනවිට කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කම්හල් 05ක සේවක සේවිකාවන් 75 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවද හෙතෙම පවසයි.
ඊයේ (17) රාත්‍රි කොරෝනා ආසාදිත රෝගින් 06 දෛනකු අලුතෙන් හදුනාගත් බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි. අද (18) වනවිට එක් ඇගලුම් කම්හලකින් ආසාදිතයින් 36 දෙනෙකු අනික් ඇගලුම් කම්හලින් ආසාදිතයින් 33 දෙනෙකු තවත් ඇගලුම් කම්හල් තුනකින් ආසාදිතයින් දෙදෙනා බැගින් වාර්තා වි ඇති බවද ඒ මහතා පවසයි.
දින 08ක කාලයක් තුල මෙම රෝගින් වාර්තා වි ඇති බව සදහන් කළ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා මේ වනවිට මෙකි ඇගලුම් කම්හල් 05 කොරෝනා ආසාදිතයින්ගේ පළමුපෙළ ආශ්‍රිතයින් 2000කට ආසන්න සංඛ්‍යාවක් නිවෙස්වල නිරෝධායනය කොට ඇති බවද හෙතෙම පවසයි. සේවක සේවිකාවන් 1000කට ආසන්න පිරිසක් රැපිඩ් ඇන්ටිජන් හා පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සදහන් කළේය.