කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ අද පෙරවරුවේ ගින්නක් ඇතිව තිබේ. අද පෙ.ව. 11.35ට පමණ මෙම ගින්න ඇතිව තිබේ. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ කැඳවා ඇති බව පොලීසිය පවසයි.
මේ පිළිබඳව අනුරාධපුර පොලිස් අධිකාරීගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් වහාම ආරම්භ කර ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එසේම රජයේ රස පරීක්ෂකද එම ස්ථානයට කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසයි.