සීනි යනු කොකේන් නැමැති දරුණු මත්ද්‍රව්‍යයට වඩා බලවත් ලෙස ඇබ්බැහි ඇතිකරන්නක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
සීනි වල යම් කැලරි ප්‍රමාණයක් හැරුණ විට කිසිම පෝෂණ ගුණයක් නැති බවත් සීනි අඩංගු බීම හා ආහාර ගත්විට මොළයේ රසායනික ද්‍රව්‍යවල වෙනස්වීමක් ඇතිවීමෙන් තාවකාලික ප්රබෝධයක් ඇතිවන බවත් එම කාර්යාංශය සඳහන් කරයි.
සිනිවලට ඇබ්බැහිවූවන් ගත වන කාලයත් සමග මෙම ප්‍ර බෝධවත් බව පවත්වා ගැනිමට වැඩි වැඩියෙන් දිනපතා සීනි පරිභෝජනය කිරීමට යොමුවන බව පරීක්ෂණ වලින් සොයාගෙන ඇති බවත් එම කාර්යාංශය නිවේදනය කරයි.
සීනි අධික පරිභෝජනය නිසා ස්ථූතලතාව, තරබාරුව, හෘදයාබාධ, අංශභාගය, දියවැඩියාව, දන්ත ව්‍යවසන හා පිළිකා රෝග ඇතිවන බවත් එය අවම කිරිමට 'තිත්ත සීනි' නමින් ජාතික වැඩපිළිවෙළක්ද ක්‍රියාවට නැංවීමට කටයුතු කර තිබේ.