කොහුවල ප්‍රදේශයේ කොකේන් බෙදා හරිනු ලැබු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (17) මරණ දඩුවම නියම කළේය.
මත්ද්‍රව්‍ය නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ තත්වයෙන් සමාජය මුදා ගැනීම සඳහා සමාජයට ආදර්ශයක් වන අන්දමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දැඩි දඩුවම් නියම කරන බව විත්තිකරුට දඩුවම් නියම කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඩුවම් නියම කරන ලද්දේ කොහුවල ප්‍රදේශයේ පදිංචි නලීන් ෂාරුක් කුලතුංග නමැත්තාටය.
මෙම විත්තිකරු සමඟම චෝදනා ලැබ සිටි අනෙක් විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කරමින් එම විත්තිකරු නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.
මනෝප්රිය ගුණසේකර