ඉදිරි මාස තුන තුළ ඖෂධීය කංසා අපනයනය සඳහා පමණක් වූ අවශ්‍ය නීතිමය අනුමැතිය පාර්ලිමේන්තුව හරහා ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල සිදු කර ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.
එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
ඖෂධීය කංසා මගින් පිළිකා රෝග, ස්නායු රෝග, මන්ද මානසික වැනි විවිධ රෝග වලට පිළියමක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.