පාරිභෝගික ජනතාව ඖෂධ මිලදී ගත් පසු සියලුම ෆාමසි වලින් බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
පාරිභෝගික පිළිබඳ අධිකාරි පනතේ ඊට අදාළ නීතිරීති ගැසට් කර ඇති අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව පනතටද ඊට අදාළ නීතිරීති ඇතුලත් කර ඇත.
දිවයින පුරා ඇතැම් ෆාමසි ඖෂධ මිලදී ගැනීමෙන් පසු බිල් පතක් නිකුත් නොකරන බවට පාරිභෝගික ජනතාව විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට පැමිණිලි කර තිබේ.
එම පැමිණිලි පිළිබඳව අවධානය යොමු කිරිමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා දිවයින පුරා සියලුම ෆාමසි පරික්ෂාවට ලක්කර බිල්පත් නිකුත් කිරීමට උපදෙස් ලබා දෙන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම්දී ඇත.
ෆාමසි පරීක්ෂා කිරීමේදී ඖෂධවල කල් ඉකුත්වීමේ දිනය, නිෂ්පාදිත දිනය හා මිල සටහන් කර ඇත්දැයි සොයා බලන ලෙසද සෞඛ්‍ය ආමාත්‍යවරයා දැනුම් දී තිබේ.
කෂිනි හපුආරච්චි