පසුගිය ආණ්ඩු සමයේදී ඖෂධ ජාවාරම්වලට සම්බන්ධ වූ ඇතැම් පිරිස් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළත් වෛද්‍ය සැපයුම් අංශය තුළත්, ඖෂධ ගබඩා තුළත් සේවය කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා ගෙවී ගිය කාලයේ සිදුවූ ඖෂධ ජාවාරම්වලට අදාළව නිකුත් වී ඇති විගණකාධිපතිවාර්තා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් වාර්තා ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කළ වාර්තා, සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර විගණන වාර්තා හා කෝප් කමිටු වාර්තාවට අනුව වැරදි කළ සියලුම දෙනාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
පසුගිය කාලයේ සිදුවූ ඖෂධ ජාවාරම් ක්‍රියා පිළිබඳව හා ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාදීමට කටයුතු කළ පිරිස් පිළිබඳව හෙළිදරව් වූවත් මෙතෙක් කිසිදු පුද්ගලයෙකු නීතිය ක්‍රියාත්මක කර නොමැති බවද ඔහු පවසා සිටියේය.
මේ නිසා පසුගිය ආණ්ඩු කාලයේදී සිදුවූ සමහර ඖෂධ ජාවාරම් ක්‍රියා තවමත් සිදුවෙමින් තිබෙන බවත්, මේ නිසා ඖෂධ ජාවාරමට තිත තැබීම සඳහා කඩිනමින් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද අද (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ලේකම්වරයා සඳහන් කළේය.