යාපනය මහනුවර ඒ-9 ප්රධාන මාර්ගයේ ඕමන්ත ප්රදේශයේ ලංගම බස් රථයක් හා වෑන් රථයක් අද (23දා) රාත්රියේ මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුකින් 5 දෙනෙකු මිය ගොස් තවත් 20 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවට ඕමන්ත පොලීසිය පවසයි.
කොළඹ සිට යාපනය පේදුරුතුඩුව දක්වා ගමන්ගත් ලංගම බස් රථය ඕමන්ත ප්රදේශයේදී වෑන් රථයක මෙම අනතුර සිදුව තිබේ.
අනතුර හේතුවෙන් එම ස්ථානයේදීම සිව් දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් අයෙකු වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
අනතුර සිදුවීමෙන් පසුව වෑන් රථයට හා බස් රථයට ගිනිගෙන ඇති අතර ප්රදේශවාසීන් කියා සිටියේ කිසියම් පිරිසක් විසින් ප්රකෝපකාරීව බස් රථයට හා වෑන් රථයට ගිනි තබා ඇති බවයි.
අනතුරින් වෑන් රථයේ සිටි පිරිස් මිය ගොස් ඇති බව ඕමන්ත පොලීසය පවසයි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනතුරින් තුවාල ලැබූවන් වව්නියාව මහරෝහලට ඇතුලත් කොට ඇත.
බස් රථයේ හෝ වෑන් රථයේ අධික වේගය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පරික්ෂණ සිදු කරන ඕමන්ත පොලීසිය සැක පල කර සිටියි.