විද්‍යුත් හෝ සූර්ය බලය ඇතුළු ඕනෑම බලශක්තියකින් ධාවනය වන යතුරු පැදි හා කුඩා වාහන ලියාපදිංචි කළ යුතු බවත්, එවැනි යතුරුපැදි හෝ රථ ධාවනයට රිය බලපත්‍රයක් අවශ්‍ය බවත් රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ පොලීසිය සඳහන් කරයි.
2009 වසරට පෙර යම් යම් යතුරුපැදි ලියාපදිංචි නොකළ යුතු බවට නීතියක් පැවැතියද, එම වසරේදී මෝටර් රථ ආඥාපනත සංශෝධනයක් සිදු කර තිබෙන බවද එම ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මෙම නීතියට අනුව සියලුම යතුරුපැදි සහ කුඩා වාහන ලියාපදිංචි කළ යුතු බවත්, යතුරුපැදි ධාවනයට රිය බලපත්‍රය අවශ්‍ය බවත් ඔහු පවසා සිටියේය.
මේ ආකාරයට ලියාපදිංචි නොකළ යතුරුපැදියක් රිය බලපත්‍රයක් නොමැතිව ධාවනය කළ කාන්තාවකට නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇය පොලීසියට බාධා කළ බවද ඒ මහතා සඳහන් කළේය.
පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (08දා) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා සිටියේය.
මෙම කාන්තාව රාගමදී අත්අඩංගුවට ගනු ලැබුවේ අංක තහඩු නොමැතිව යතුරුපැදියක් ධාවනය කිරීම හා බලපත්‍රයක් නොමැතිව යතුරුපැදි ධාවනය කිරීම සම්බන්ධයෙන් බවත්, එහිදී පොලිස් නිලධාරීන් සමග ආරවුලක් ඇති කරගත්තේ ලියාපදිංචි නොකළ යුතු යතුරුපැදියක් බව පවසමින් යැයිද හෙතෙම කියා සිටියේය.
2009 වසරේදී හඳුන්වා දුන් නීතියට අනුව සියලුම යතුරුපැදි හා කුඩා වාහන ලියාපදිංචියඅත්යවශ්ය බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.