ඕනම කෙනෙක්ට මැතිවරණයට තරග කිරීමට ඉල්ලීම් කළ හැකි නමුත් අවසානයේදි තීරණය ගන්නේ නාම යොජනා මණ්ඩලය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්රකාශයක මේ බව දැක්වෙයි.
දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇති බවට සඳහන් තොරතුරු පිළිබඳව හිටපු මන්ත්රීවරයාට යොමුකළ ප්රශ්ණ කිහිපයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.