ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 286 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (09දා) රාත්‍රී මෙල්බර්න් නුවර සිට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
රාත්‍රී 9.50 ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 604 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීම සිදු කෙරුණි.