මඩකලපුව මුලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ සවූක්කඩ්හිදී ඔස්ට්‍රේලියාවට බෝට්ටු මගින් යාමට සිටි පුද්ගලයින් මඩකලපුව පොලිසිය මගින් අද උදේ අත්අඩංගුවට ගන්නා ලදී.
සවූක්කඩ්හිදී නාඳුනන පුද්ගලයින්ගේ ගැවසීම දුටු ධිවරයින් පොලීසියට ලබාදුන් ඔත්තුවකට අනුව මොවුන් අත් අඩංගුවට ගන්නා ලදී .
මේ අවස්ථාවේදී හලාවත ප්‍රදේශයේ දෙදෙනෙකු හා වන්දාරමුල්ල ප්‍රදේශයේ එක් අයෙකු අත්අඩංගුවට ගත් අතර අනිත් පුද්ගලයින් පළා ගියහ.
ඔවුන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු කරන බවට පොලීසිය පවසයි.
සවුක්කඩ් ප්‍රදේශයේ සිට බෝට්ටු මගින් වෙනත් බෝට්ටුවකට පුද්ගලියින් යවමින් සිටියදී ධිවරයින් පොලීසියට දන්වා ඇත. මොවුන්ව ප්‍රවාහනය කල ත්‍රිරෝද රථය පොලීස් භාරයට ගෙන ඇත.
මෙම ප්‍රදේශයේ 15කට අධික පිරිසක් මෙසේ නීතිවිරෝධිව යාමට තැත් කළ කල බවත් පළාගිය ඇති අනෙකුත් පුද්ගලයින් පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවට මඩකලපුව මුලස්ථාන පොලීසිය පවසයි.
ටි එල් ජව්ෆර්කාන්