ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ගෙවීගිය දිනයේ නව ආසාදිතයන් 41ක් සහ වෛරසය ආශ්රිත නව මරණ 9ක් වාර්තා වී තිබේ.
වික්ටෝරියා හි රෝගීන්ගේ සංඛ්‍යාව ඊට පෙර දිනයේ වාර්තා වූ ආසාදන 63ට වඩා මඳක් අඩු නමුත් මරණ සංඛ්‍යාව ඉරිදා වාර්තා වූ සිදුවීම්වලට වඩා දෙගුණයකින් වැඩි වී ඇත.
වික්ටෝරියා අගනුවර සහ ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය වන මෙල්බර්න් හි දැඩි අගුලු දැමීමක් සැප්තැම්බර් 28 වැනි දින දක්වා දීර්ඝ කිරීමට ප්‍රාන්ත මහ ඇමති නියෝග කළේය.
රටේ වැඩිම ජනගහනයක් සහ මරණ සංඛ්‍යාවක් සිදුව ඇති වික්ටෝරියා ප්‍රාන්තය ඔස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම ජනගහනය සිටින ප්‍රාන්තයද වෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව රට තුළ ආසාදිතයන් 26,319ක් පමණ වාර්තා වී ඇති අතර මරණ 762කි.