මෙරට කොවිඩ් පාලන වැඩපිළිවෙල ශක්තිමත් කිරිම සදහා ඔස්ට්‍රෙිලියානු රජයේ මූල්‍ය දායකත්වය යටතේ යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ සම්බන්ධීකාරකත්වයෙන් ඔක්සිජන්සි ලින්ඩර් ඇතුළු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත ප්රදානය කිරිම අද දින (19) පෙරවරුවේ සිදු කෙරිනි.
රුපියල් මිලියන 952 වටිනාකමකින් යුත් ඔක්සිජන් සිලින්ඩර් 291 ක්, ඔක්සිජන්රෙගුයුලේටර් (oxygen regulators) 342 ක්, ඔක්සිජන් මුව ආවරණ 2,490 ක්, ගිණි නිවන උපකරණ (fire extinguishers) 20 ක් මෙහිදී පරිත්‍යාග කරන ලදි.
මෙම උපකරණ බස්නාහිර පළාත ප්රමුඛව කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සිදු කරන රෝහල්හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ලබාදීමට නියමිතය.