ඇමෙරිකා එක්සත් ජනපදයේ එන්බීසී විසින් ටෝකියෝ ඔලිම්පික් ක්රීඩා උළෙල විවෘත කිරීමේ උත්සවය මිලියන 16.7ක් නරඹා තිබුණත්, එය පසුගිය වසර 33 තුළ එක්සත් ජනපදයේ අවම ප්රේක්ෂක පිරිසක් නරඹා ඇති ඔලිම්පික් ක්රීඩා උළෙල බවට පත්ව තිබේ.
එන්බීසී ඔලිම්පික් ඩොට් කොම් සහ එන්බීසී ස්පෝට්ස් ඇප් ඇතුළු සියලුම වේදිකා ඔස්සේ මිලියන 17ක ජනතාවක් උත්සවය නැරඹූ බව එන්බීසී යුනිවර්සල් ආයතනය ඊමේල් පණිවුඩයක් මගින් පවසා තිබේ.
ටෝකියෝ සමාරම්භය රූපවාහිනී ප්රේක්ෂක ග්රහණය 2016 සිට 37% කින් අඩුවී ඇත. මෙය පසුගිය වසරවල පැවති ඔලිම්පික් උළෙලවල් සමග සැසඳීමේදී, මිලියන 26.5ක ප්රේක්ෂක පිරිසක් රියෝ ද ජැනීරෝ ක්රීඩා උළෙල නරඹා තිබූ අතර, මිලියන 40.7ක ප්රේක්ෂක පිරිසක් ලන්ඩන් ක්රීඩා උළෙල නැරඹා තිබුණි.
කොවිඩ්-19 වසංගතයේ ප්රතිඵලයක් ලෙස සිකුරාදා දිනයේ මෙම දැවැන්ත සමාරම්භක උළෙල දැඩි සමාජ දුරස්ථ නීතිරීති යටතේ පැවැත්විණි. ජපානයේ හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේ සහ ටෝකියෝ ක්රීඩා උළෙලේ ඉහළ අනුග්රහක පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.