ඇතැම්විට ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය මේ වන විටත් ලංකාව තුළ පැතිර ගොස් තිබිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.
එම ප්‍රභේදය මෙරටට පැමිණිම සියයට සියයක් සම්පූර්ණයෙන් නැවැත්විය නොහැකි බවයි ඔහු පෙන්වා දෙයි.
ගුවන් තොටුපොළින් පැමිණෙන සියලුම මගීන්ව ජාන විශ්ලේෂණය කළහොත් පමණක් එම ප්‍රභේදය සමඟ පැමිණෙන පිරිස් හඳුනාගත හැකි බවත් එය ඉතා වියදම් අධික මෙන්ම කාලය ගතවන පරීක්ෂණයක් බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.