ඔමික්‍රොන් කෝවිඩ් ප්‍රභේදය මෙරටට පැමිණීම වැලැක්වීමට ගුවන්තොටුපල දැඩි කළමණාකරනයට පත් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
මෙම ප්‍රභේදය භයානක ප්‍රභේදයක් බවත් ඒ අනුව ශ්‍රී ලංකාව වැනි රටවල් ඊට සූදානමින් සිටිය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව 2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ හත්වන දිනය සඳහා අද (30දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
මේ අතර ඔමික්‍රොන් වැනි කෝවිඩ් ප්‍රභේදයක් ශ්‍රී ලංකාව වැනි කුඩා දිවයිනකට පැමිණියහොත් එය රටට ඔරොත්තු නොදෙන බව සඳහන් කළ රාජිත සේනාරත්න මහතා,
අපි කෝවිඩ් වසංගතයකට මුහුණ දීලා යන්තම් අපි රටේ තිබුණ තත්ත්වයට වඩා යම් සුභදායි තත්ත්යකට ඇවිත් තිබෙනවා. සෞඛ්‍යට ගිය අවුරුද්දේ වෙන් කළ මුදල බිලියන 301.3ක්. එන අවුරුද්ද වන විට ඒක බිලියන 234. 738ට අද කප්පාදු කරලා තිබෙනවා. කෝවිඩ් නොයෙකුත් ප්‍රභේද වලට මුහුණ දීලා අපි දැන් අපි 5 වැනි ප්‍රභේදය ඔමික්‍රොන් කියන ප්‍රභේදය දකුණු අප්‍රිකාව වගේ රටවල් හරහා විශාල ව්‍යාප්තියක් ඇති වෙලා තර්ජනයක් ඇති වෙලා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ නිකුත් කළා නිවේදනයක්. මේකේ විශාල භයානක තත්ත්වයක් ඇති වෙනවා. අපේ රටවල් මේකට ලෑස්ති වෙන්න කියලා. මේක ජාත්‍යන්තරව පැතිරීමට ඉඩ ඇති නිසා ගෝලීය අවධානම ඉතා ප්‍රභලයි කියනවා. ෙදවැනි එක තමයි පෙර නොවූ විරූ විකෘතීන් රැසක් තිබෙනවා. ඒ නිසා පළවෙනිම දේ මේ ගුවන්තොටුපල කළමණාකරනය කරන්න. අපි මුලින්ම කෝවිඩ් එනකොටත් කිව්වා ගුවන්තොටුපල කළමණාකරනය කරන්න කියලා. ගුවන්තොටුපල දැඩි කළමණාකරනයට පත්කලොත් අපිට මේ ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් බේරෙන්න. මෙවැනි ප්‍රභේදයක් ලංකාවට අවොත් අපි වගේ කුඩා දිවයිනකට ඔරොත්තු දෙන්නේ නෑ.
ඒ වගේම එන්නත් කරණය ඉතාම ප්‍රමාද වුනා. ඒකෙන් වුනේ අපි ඉතාමත් පිටිපස්සට ගිහින් විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිදු වුනා. මේ අනුව මරණ 14,305ක් ඊයේ වන විට වාර්ථා වෙනවා. 562,520 ක් මේ වන විට ආසාදිත වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාව තිබෙන්නේ මේ සම්බන්දයෙන් නරකම රටවල් අතර 58 වැනි රට ලෙස. මේ වාර්ථාවේ තිබෙනවා රාජ්‍යන් 224ක වාර්ථා. එන්නත් කරණයේදී නොයෙකුත් අය කිව්වා අපි පළමු රටවල් 10 ඇතුලත ඉන්නවා කියලා. මම ගාව තිබෙනවා වැක්සිනේෂන් වාර්ථාව. මේකේ අපි ඉන්නේ 39වැනි ස්ථානයේ. ජපානය 19 වැනි ස්ථානයේ ඉන්නවා. ඒ ලේකන මම සභාගත කරනවා. මේකෙදි වුනේ අපි විද්‍යාව පැත්තකින් තියලා අවිද්‍යාවට මුල්තැන දුන්නා. ඒහිදී නොයෙකුතු පැණ් වර්ග ආවා. මගේ ගාව තිබෙනවා දම්මික පැණිය ගැන මේ රටේ මහාචාර්යවරු , වෛද්‍ය විශේෂඥයන් එකතු වෙලා කරපු විශ්ලේෂනාත්මක වාර්ථාව. ඒකත් මම සභාගත කරනවා. යනුවෙන්ද සඳහන් කළේය.