කොවිඩ් ආසාදනය වි නොමැති බව තහවුරු වි ඇති වෘත්තිය සමිති නියෝජිතයින් නිරෝධායනයෙන් නිදහස් කරන්නේ නම් පමණක් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ජාවකට සුදානම් බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කළේය.
මේ අතර ගුරු හා විදුහල්පති සංගම් 42ක් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්විම් වලින් ඉවත් විමේ වෘත්තීය ක්‍රියාමාර්ග අද 4වන දිනටත් ක්‍රියාත්මක වෙයි.
ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මෙම ඔන්ලයින් වර්ජනය කළේ පසුගියදා බත්තරමුල්ල ප්‍රෙද්ශයේදි පැවති විරෝධතාවයේදි අත්අඩංගුවට ගෙන අධිකරණයට කිරිමෙන් පසු ඇප මත මුදහැරණු වෘත්තීය සමිති නියෝජිතයින් නිරෝධායනයට රැගෙන යාමට විරෝධය පළ කරමිනි.