පාසල් දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපන ප්‍රවේශය වැඩි කිරීමේ අරමුණින් දුරකතන සේවා පුළුල් කිරීමට අමතරව සම්පත් මධ්‍යස්ථාන 2096 ක් රට පුරා විවෘත කරල තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරිස් මහතා පවසනවා.
පෞද්ගලික ආයතනවල ප්‍රතිපාදන යටතේ ගාල්ල අගුලුගහ මහ විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් හා පරිගණක විද්‍යාගාරයක් ලබා දීමේ වැඩසටහනට එක් වීමෙන් පසුවයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
ඇතැම් ගුරුවරුන් පිරිසක් ක්‍රියාත්මක කර තියෙන වර්ජනය සම්බන්ධයෙන්ද මාධ්‍ය වේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කරුණු සදහන් කළේය.