තම පක්ෂය තුළ විදෙස් ඔත්තුසේවාවන්ට සම්බන්ධ අය සිටීනම් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස තමන් ජනනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය විමිල් වීරවංශ මහතා පවසයි.
මීගමුවේදී අද (09දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“මහින්ද සුළඟ ආරම්භ කිරීම වරදක් නම් මම ජාතියෙන් සමාව ගත යුතුයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂකයා විය යුතුයි කියමින් ඒක යථාර්තයක් කර ගැනීමට කටයුතු කිරීම වරදක් නම් ජාතියෙන් සමාව ගත යුතුයි.
සන්ධානයේ තිබෙන ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. එහි ඉහළ තනතුරකට ගෝඨාභය රාජපක්ෂ මහතා සිටිය යුතුයි කියන මතය අප ඉදිරිපත් කළේ.
ඒකෙන් අදහස් වෙන්නේ නෑ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා එහි නායකත්ව තනතුරේ නොසිටිය යුතුයි කියලා.
තවත් පක්ෂයක සිටියා කියලා වෙනත් පක්ෂයක් ගැන කථා නොකර සිටිය යුතුයි කියලා නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒක සීමා කරලා නෑ.
අපේ පක්ෂයේ වෛද්‍යවරු හා විදෙස් ඔත්තුසේවාවලට සම්බන්ධ අය ඉන්නවනම් මම ජනපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා පොලිස්පතිතුමාට මේ ගැන පරීක්ෂණයක් කරන්න උපදෙස් දෙන්න කියලා.
මුලින්ම එහෙම කියපු කෙනාගෙන් ප්‍රකාශයක් අරන් පරීක්ෂණ කරන්න”