කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් වල කිසිදු හිඟයක් මෙතෙක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
“අද දිනයේ සමහර පුවත්පත්වල වාර්තා වී තිබුනා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ඔක්සිජන් හිඟයක් ඇති බවට. කළුබෝවිල රෝහලේ කිසිම ඔක්සිජන් හිඟයක් නැහැ.
මෙයට පාදක වෙලා තිබුනේ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ඔක්සිජන් හිඟයක් තිබෙනවා ද කියන කරුණක් මත. එම රෝහලෙත් කිසිදු ඔක්සිජන් හිඟයක් නැහැ. දැනට අප රට තුල මෙඩිකල් ඔක්සිජන් ලබාදෙන කර්මාන්ත ශාලාවලින් ඔක්සින් ලබාදීමේ කිසිදු අඩුවක් නැහැ.
දැනට සපයන ප්‍රමාණයට වඩා ඔක්සිජන් සැපයීමට ඔවුන් සතුව හැකියාව තිබෙනවා. වැඩිපුර අපට අවශ්‍ය ඔක්සින් ලබාගනිමින් ජම්බෝ සිලින්ඩර් (විශාල සිලින්ඩර්) කොවිඩ් ප්‍රතිකාර සේවා සපයන රෝහල්වලට සහ ශික්ෂණ රෝහල්වලට ලබාදීමට කටයුතු කරනවා.
එම වැඩපිළිවෙල තවත් ක්‍රමවත් කිරිම පිළිබද ඔක්සිජන් සපයන ආයතන සමග අපි හෙට දින උදෑසන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට කළුබෝවිල රෝහලේවත්, මුල්ලේරියාව රෝහලේවත් ඔක්සිජන් හිඟයක් නැහැ.”