රාජගිරිය ප්‍රදේශයේ 2016 වසරේදී සිදුවූ රිය අනතුරක් සිදුකර තරුණයකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ලබන ඔක්තෝම්බර් 21දා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (22දා) සිතාසි නිකුත් කළේය.
විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් පවරන ලද නඩුව සළකා බැලූ විනිසුරුවරයා විත්තිකාර පාඨලී චම්පික රණවක මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මෙලෙස සිතාසි නිකුත් කෙරිණි.
මෙම නඩුවට අමතරව මෙම අනතුරු සිද්ධියට පාදක කරගනිමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සහ අදාළ සිද්ධියේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නීත්‍යානූකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා වැරදි වාර්තාවක් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම යටතේ එවකට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට එරෙහිවද, අනතුර සිදුවන අවස්ථාවේදී රථය පැදවුයේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා බව දැන දැනම ඒ අවස්ථාවේදී රථය පැදවුයේ තමා බවට මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සාවද්‍ය වරද කියාපෑමක් කළ බවට පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ දිලූම් තුසිත කුමාර නමැත්තාට එරෙහිවද නීතීපතිවරයා විසින් වෙනම නඩුවක් පවරා ඇති අතර එම නඩුව ලබන අගෝස්තු 20 වැනිදා කැඳවීමට නියමිතය.