ඔක්තෝබර් 21 හා 22 යන පාර්ලිමේන්තු රැස්වීම් දිනයන්හිදී පාර්ලිමේන්තු සංකීර්ණයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට මාධ්‍ය ආවරණ කටයුතු වල යෙදුණු ජනමාධ්‍යවේදීන් වහාම ස්වයං නිරෝධානයට ලක්විය යුතු බව ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
එසේම ඔවුන් ස්වයං නිරෝධායනය වන ස්ථානය පිළිබඳව තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හෝ මහජන පරීක්ෂකවරයා හෝ දැනුවත් කළ යුතු බවත් වසංගත රෝග විද්‍යා අංශය දන්වා සිටී.