මත් උවදුර සහ පාතාලය මැඩ ඓතිහාසික උරුමය සහ අභිමානය රැකෙන කැලණි පුරවරයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද (30) කැලණිය රජමහා විහාරස්ථානයේ ප්‍රධාන තොරණ ඉදිරිපිට පැවති ජනහමුවට සහභාගීවෙමින් ජනපතිවරයා මේ බව පැවැසීය.
රැස්ව සිටි ජනතාව ඉදිරිපත් කළ ගැටළුවලට අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඓතිහාසික කැලණියට හිමි ප්‍රෞඩත්වය සුරැකෙන සංවර්ධන ක්‍රියාදාමකට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබාදෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කර ගංවතුර පාලනයටත්, ජා-ඇළ නගර සංවර්ධනයටත් පියවර ගන්නා බව ජනාධිපතවරයා පැවසීය.