ඒකල පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක කරනු ලැබූ PCR පරීක්ෂාවකදී කොවිඩ් 19 ආසාදිතයන් 39 දෙනෙකු සොයා ගත් බව ජා-ඇල ප්‍රාදේශීය සභා පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඉකුත් 28 දා එම කර්මාන්ත ශාලාවේ දී PCR පරීක්ෂණ 133ක් සිදු කර ඇති අතර 29 දා ඔවුනගෙන් 39 දෙනකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
එම ආසාදිතයන්ගෙන් බහුතරය ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ හා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන්ද මෙම ආසාදිතයන් අතර සිටින බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවැසීය.
ජාඇල ප්‍රසංග පෙරේරා