ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍යව තිබෙන්නේ බලය ලබා ගැනීමට නොව රටේ නැති ප්‍රශ්න ඇති කිරීමට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ සඳහන් කරයි.
විපක්ෂයක් වශයෙන් මාසයකට වරක් විරෝධතා පැවැත්වූවත් ප්‍රශ්නයක් නොමැති බවත්, එහෙත් එවැනි දේවල් සිදු කළ යුත්තේ රටේ ප්‍රශ්න මූලික කර ගනිමින් බවත් එම පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂයට ආණ්ඩුව වෙනස් කිරීමට අවශ්‍ය නම් සියලුම දෙනා එකට එකතු වී ගමනක් යා යුතු අතර, එසේ නොමැති වුවහොත් සිදු වන්නේ ඒකාබද්ධයේ කණ්ඩායම කැඩි යාම බවද අද (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේය.