කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් ඒ-9 ප්‍රධාන මාර්ගයෙන් කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට ඇතුලුවන සියලුම පුද්ගලයින් හා වාහන විෂබිජහරණය කිරීමේ වැඩසටහනක් කිලිනොච්චියේ සෞඛ්‍ය නිලධාරීන් හා සිවිල් සංවිධානයක් විසින් පියවර ගෙන ඇත.
අද (16) දින කිලිනොච්චිය දිස්ත්‍රීක්කයටද ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමග දිස්ත්‍රීක්කයට ඇතුලුවන සියලුම වාහන හා පුද්ගලයින් කිලිනොච්චිය මුරුකණ්ඩි කෝවිල ආසන්නයේ ඒ-9 විදියේදී මෙසේ විෂබීජහරණය කිරීමට පියවර ගෙන ඇත.
කිලිනොච්චිය දිස්ත්‍රීක්කය දැනට කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇති යාපනය දිස්ත්‍රීක්කයට යාබදව පිහිටා ඇති හෙයින් වයිරසය ව්‍යාප්ත වීම වැලක්වීමේ එක් පියවරක් වශයෙන් මෙය ක්‍රියාවට නංවා ඇති බවට කිලිනොච්චිය සෞඛ්‍ය නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.