එළඹෙන උත්සව සමයේ එළවළු නොමැතිව පාරිභෝගිකයන්ට අසීරුවෙන් සැමරීමට සිදු වන බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා අනතුරු අගවයි.
අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදි ඊයේ (11) දින මාධ්‍ය හමුවක් කැදවමින් ඒ බැව් පැවසිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ එළවළු සැපයුමේ අඩුවක් පවතින බවත් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට කඳපොල සිතාඑලිය අඹේවෙල ප්‍රදේශවලින් එන එළවළු 60% පමණ අඩුව ඇති බවත්ය.
“තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට එළවළු 20% පමණ ලැබිලා තියෙන්නේ.දඹුල්ලට 15% පමණ , මැනිං මාකට් එකට 25% පමණ ලැබිලා තියෙන්නේ.
මාස ගණනකට කලින් මම කිව්වා එළවළු හිගයක් එනවා කියලා , ඒකට කවුරුත් හේතුව මොකක්ද කියලා විමසුවේ නැ.
උත්සව සමය අමාරුවෙන් තමයි සමරන්න වෙන්නේ , කැරට් කිලෝවක් රු 400 , ලික්ස් රු 300 ,ගෝවා රු 350 ඉතිහාසේ මේ විදිහට මිළ ඉහළ ගිහින් නැ
තක්කාලි රු 350 , බෝංචි රු 350 ,අමු මිරිස් රු 650 , රජය රසායනික පොහොර ගෙන්විම නතර කල නිසා තමයි මේ විදිහට එළවළු මිළ ඉහළ ගිහින් තියෙන්නේ. තව මාස 6ක් 7ක් යනකොට මිල වඩා අර්බුධයකට මුහුණ පාන්න වෙනවා.
එළවළු පැලයකින් ඵලදාව ගන්න මාස 4 පමණ යනවා,රසායනික පොහොර නොමැති විම නිසා අප්‍රේල් මස කියලා විශේෂයක් නැ ජුනි ජුලි වෙනකම්එළවළු හිගයක් පවතිනවා.
අපි අවුරදු ගණනාවක් වගා කරපු අය ,කාබනික වගාව අද අසාර්ථක වෙලා තියෙනවා.කාබනික වගාව සම්බන්ධයෙන් ගොවින් දැනුවත් කරලා නැ
රජය පොරොන්දු වුණා ඉක්මනින් රසායනික පොහොර සහ රසයනික ද්‍රව්‍ය දෙනවා කියලා. දැන් කියනවා අප්‍රේල් මස වෙනකම් පොහොර එන්නේ නැ කියලා.
මේකට රජය විසදුමක් දුන්නේ නැත්තම්, ජනවාරි වන විට පොහොර දුන්නේ නැත්තම් ලොකු අර්බුධයකට රට යනවා. ගොවින්ගේ ආර්ථිකය කඩා වැටිලා , නුවරඑළියේ ව්‍යාපාර 99% පවතින්නේ එළවළු ව්‍යාපරයෙන්. ඒක සැම ක්ෂේත්රයකට බලපානවා.
රජය කඩනමින් පොහොර ලබාදුන්නේ නැත්තම් මේ අර්බුදය විශාල අර්බුදයක් වෙනවා” යනුවෙන් පැවසිය.