එළවළු ගොවීන්ට සුරක්ෂිත අනාගතයක් උදාවන අයුරින් සිය අස්වැන්න සඳහා නිසි මිලක් ලබාගත හැකි ක්‍රමවේදයක් සකසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
එළවළු, පළතුරු සහ සෙසු භෝග දිවයින පුරා බෙදාහැරීම ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනාම ආරක්ෂාවන අයුරින් විය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.
පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුර කරනු පිණිස අද (21) නුවරඑළිය දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතව සිටින ජනාධිපතිවරයා වලපනේ නගරයේ සතිපොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වෙමින් මේ බව පැවසීය.
හිටපු රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක සහ නිමල් පියතිස්ස මහත්වරු විසින් හමුව සංවිධාන කර තිබිණ.
රාජ්‍ය බැංකු ණය සම්පාදනය තමන්ට සහනයක් සැලසෙන පරිදි ඉටු නොවන බව ද ගොවිහූ ජනාධිපතිවරයා සමග කීහ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල පුරප්පාඩු රැසක් පවතී. ඒවාට පත්ව එන පිරිස් කෙටි කලකින් මාරුවීම් ගෙන වෙනත් පළාත්වලට යති. මේ නිසා ප්‍රදේශයේ ජනතාවට සිය අවශ්‍යතාව ඉටුකර ගැනීමේ දී මහත් ගැටළුවක්ව ඇතැයි ඔව්හු ජනාධිපතිවරයා දැනුවත් කළහ.
පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණය සංවර්ධනය කර, එය පාසල සමග යා කරමින් පාලමක් ඉදිකර දෙන ලෙස සිසුන් කළ ඉල්ලීම ජනාධිපතිතුමා යුද හමුදාපතිවරයා වෙත යොමු කළේය. හෙටම ඒ ගැන සොයා බැලීමටත්, කඩිනමින් ඉල්ලීම ඉටුකරදීමටත් පියවර ගන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. ප්‍රදේශයේ ජනතාව ඉදිරිපත් කළ ගැටළු කඩිනමින් විසඳීමට ද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දෙනු ලැබීය.
හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා රිකිල්ගස්කඩ ප්‍රාදේශිය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කළහ.
වලපනේ රෝහලට භික්ෂු වාට්ටුවක් ඉදිකර දෙන්නැයි සංඝරත්නය කළ ඉල්ලීම ගැන විමර්ශනය කොට වාර්තා කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට නියම කළේය.