වසර 22ක් පුරා පවතින ගුරු – විදුහල්පති වැටුප් විශමතා ඉවත් කර වැටුප් වැඩිකිරීමට බල කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් දිනා ගැනීම වෙනුවෙන් ලබන 26 දින ලෙඩ නිවාඩු දමා දිවයින පුරා ගුරු – විදුහල්පතිවරුන් වැඩවර්ජනයක නිරතවන බව ලංකා ගුරු සේවා සංගමයේ මධ්‍යම පළාත් ලේකම් ගමගෙදර දිසානායක මහතා අද ( 18දා) මාතලේ දි පැවසිය.
මාතලේ දි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දිසානායක මහතා කියා සිටියේ වසර ගණනාවක් තිස්සේ ඇති මෙම ගැටලු පවතින බවත්. ගුරුවරුන්ට ඉගෙනුම්, ඉගැන්විම් ක්‍රියාවලියට අමතරව කොළ පිරවිමේ කාර්යයක නිරත විමට සිදු ඇති බවත් ඒ වගේම 2016/01/01 චක්‍ර ලේඛනයට අනුව රාජ්‍ය සේවයට බදවා ගන්නා ගුරුවරුන්ට විශ්‍රාම වැටුප අහිමි කිරිමට විරෝධය පළ කිරිම සහ දෙමව්පියන්ට බල කරමින් පාසල් පද්ධතිය තුළ මුදල් එකතු කිරිමට සිදු ව ඇති බවත් මෙයට ගුරු - විදුහල්පතිවරුන් විරෝධය පළ කරන බවය.වත්මන් රජය විසින් දේශපාලන පළිගැනම්වලට ලක්වුවැ යැයි පවසමින් උසස්විම් ආදිය ලබා දිමත් සිදු කරන බවත් එය වහාම නතර කරන ලෙසට බල කිරිමද මෙහි තවත් අරමුණක් බවත් පිරිවෙන් සහ ආධාර ලබන පාසල්වල ගුරුවරුන්ටද විශ්‍රාම වැටුපක් ලබා දිම බල කිරිමද මෙහි අරමුණ බවද දිසානායක මහතා පැවසිය.
පසුගිය දිනෙක වත්මන් ආණ්ඩුවේ බලධාරින් හමුවි සාකච්ඡා කළ බවත් ඊටද නිසි විසදුමක් නොලැබුණ බැවින් මෙම තිරණය ගත් බවත් මේ පිළිබදව අදාළ බලධාරින් අවධානය යොමු කළ යුතු බවත් පසුගිය යහපාලන ආණ්ඩුව සේම මෙම ආණ්ඩුවද ඉල්ලිම් පසෙක දමා කටයුතු කරන තත්වයක් පැන නැගි ඇති බවද දිසානායක මහතා සදහන් කළේය.