සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් එල්ෆිස්ටන් හා ටවර් හෝල් රංග ශාලා නැවත විවෘත කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාවරයා විසින් අවසර ලබා දී තිබේ.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙම රංග ශාලා විවෘත කර එම සේවාවාන් පවත්වාගෙන යා හැකි බව අවධාරණය කර තිබේ.
එකිනෙකා අතර දුරස්ථභාවය පවත්වා ගැනීම, ශ්වසන ආචාරවිධි පවත්වා ගැනීම, නිරතුරුවම දෑත් සේදීම, නිවැරදිව මුහුණු ආවරණ පැළදීම සඳහා දැනුවත් කිරීම වැනි කරුණු කෙරෙහි අවධානය යොමුකරමින් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.