කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන සාර්ථකව දිවයින පුරා ක්‍රියාත්මකයි.
ඊයේ දිනයේදී පමණක් කොරෝනා මර්දන එන්නත පුද්ගලයින් 45007 දෙනෙකුට ලබාදී තිබෙනවා. අද දිනයේදී එන්නත්කරණ මධ්‍යස්ථාන 70කදී එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකයි.
වයස අවුරුදු 20ත් 30ත් අතර පුද්ගලයින්ගේ එන්නත්කරණය ද මේ වන විට ක්‍රියාත්මකයි. එන්නත්කරණ වැඩසටහන සාර්ථක කර ගැනීමට තරුණ තරුණියන් එන්නත ලබා ගැනීම සඳහා කඩිනමින් යොමු විය යුතු බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
සංජනනීය ආබාධ සහ රෝගාබාධ සහිත දරුවන්ගේ එන්නත්කරණය තවත් සති කිහිපයකින් අවසන් කිරීමට හැකිවනු ඇති බව මහාචාර්ය ශ්‍යාමන් රජින්ද්‍රජිත් මහතා පවසනවා.
මේ වන විට කිසියම් හෝ එන්නතක පළමු මාත්‍රාව පුද්ගලයින් 14555215දෙනෙකු ලබා ගෙන තිබෙනවා. කිසියම් හෝ එන්නතක මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 11821594ක්.