සෑම වයස් කාණ්ඩයක් සඳහාම එන්නත්කරණ වැඩසටහන රට පුරා සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා.
කිසියම් හෝ එන්නතක පළමු මාත්‍රාව මේ වනවිට 14302376 දෙනෙකු ලබාගෙන තිබෙනවා. දෙවන මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 11511115ක්.
දියත උයන සහ විහාරමහා දේවි උද්‍යාන පරිශ්රවලදීත් සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව ලබාදීම අද දිනයේත් සිදුකෙරෙනවා. වයස අවුරුදු විස්සට වැඩි මෙතෙක් එන්නත ලබාගත් ඕනෑම අයෙකුට මෙම ස්ථානවලට පැමිණ එන්නත් ලබාගත හැකියි.
මහනුවර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පල්ලෙකැලේ කලාපයේ කාර්ය මණ්ඩලය සඳහා එන්නත් ලබාදීම අද ආරම්භ වුණා. හයදහසකට වැඩි පිරිසකට එන්නත ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. මහනුවර මහ නගර සභා බල ප්‍ර දේශය තුළ වයස අවුරුදු 20 ත් 29 ත් අතර පිරිස් සදහා එන්නත ලබාදීම මේ වනවිට අවසන් කර ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා.