කොරෝනා වෛරසයේ ආසාදනයට එරෙහිව එන්නත් මගින් ආසාදනයට සහ දරුණු රෝග ඇති වීමට එරෙහිව ලබාදෙන ආරක්ෂාව කාලයත් සමග බොහෝ සෙයින් අඩු වීමට ඉඩ ඇති බැවින්, එන්නත් කිරීමේ වැඩසටහන් වසර ගණනාවක් අඛණ්ඩව සිදුවන බව විද්‍යාඥයන් බ්‍රිතාන්‍ය රජයේ උපදේශක කණ්ඩායමට පවසා තිබේ.
රජයේ විද්‍යාත්මක උපදේශක කණ්ඩායම විසින් සලකා බලන ලද ලේඛනයක සාරාංශයට අනුව, එන්නත මගින් SARS-CoV-2 ආසාදනයට සහ දරුණු රෝග ඇති කිරීමට එරෙහිව හොඳ ප්‍රතිශක්තීකරණයක් ලබාදුන්නත්, කාලය ගතවීමේදී එම ආරක්ෂාව වියැකී යාහට ඉඩ ඇති බව සඳහන් කර තිබේ.
එබැවින් වසර ගණනාවක් SARS-CoV-2 වෛරසයට එරෙහිව එන්නත් කිරීමේ ව්‍යාපාර බොහෝවිට සිදුවිය හැකි නමුත්, කොවිඩ්-19 රෝගයේ අවදානමට ලක් වූවන් ආරක්ෂා කිරීම සඳහා නැවත එන්නත ලබාදීම සඳහා අවශ්‍ය ප්රශස්ත සංඛ්‍යාතය කුමක්දැයි දැනට තමන් නොදන්නා බවත් විද්‍යාඥයෝ පවසති.
"කොවිඩ් වෛරසයෙන් එන්නත් මගින් කොපමණ කාලයක් ආරක්ෂා වේද?" යනුවෙන් නම් කර ඇති මෙම ලේඛනය ලියා ඇත්තේ ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේ, බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ සහ එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනයේ ප්‍රසිද්ධ වෛරස් රෝග විද්‍යාඥයින් සහ වසංගත රෝග විද්‍යාඥයන් විසිනි.