ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම වැළැක්වීම සඳහා රටේ විශාලතම නගරයේ පදිංචිකරුවන් තවත් මාසයකට දැඩි පීඩනයකට ලක්ව ඇති බැවින් එන්නත් කිරීමෙන් පමණක් සිඩ්නි නුවර කොවිඩ්-19 අගුලු දැමීම අවසන් නොවන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අවධාරණය කරයි.
"මම කිව්වේ, එය නිසැකවම උපකාරී වෙනවා. ආසාදන අඩුවීමට, එතැනට අපව ඔසවා තැබීමට එය අවශ්‍ය වන අතර, එය නිසැකවම අගුලු දැමීමේ උත්සාහයන්ටද උපකාරී වනු ඇති. නමුත් එන්නතින් පමණක් තනිවම අගුලු දැමීම නතර නොවනු ඇති බවද සඳහන් කළ යුතුයි." මොරිසන් වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව ලොවපුරා වසංගත රෝග විද්‍යාඥයන්ද මේ වනවිට පවසා ඇත්තේ ඔබ කොවිඩ්-19 වෛරසයට එරෙහිව මෙතෙක් එන්නත ලබා නොගෙන ඇත්නම් එය කඩිනමින් ලබා ගැනීමට කටයුතු කරන ලෙසත්, එසේ එන්නත ලබා ගත්තද ඔබ දැනටමත් සිදුකරන මහජන සෞඛ්‍ය පුරුදු (මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථබව) අත් නොහරින ලෙසයි.