කොවිඩ්-19 එන්නතක් සඳහා හදිසි අවසරයක් ලබා දීමට සලකා බලමින් සිටින බව ඉන්දියාව පවසයි.
මෙම මාසයේ දිනකට කොවිඩ්-19 මරණ 1000 කට අධික සංඛ්‍යාවක් නිරන්තරයෙන් වාර්තා කර ඇති ඉන්දියාවේ මේ වනවිට සමස්ත ආසාදිත මරණ 78,586ක් වාර්තා වී තිබේ.
සමස්ත ආසාදන සංඛ්‍යාවෙන් ඉන්දියාව ගෝලීය වශයෙන් එක්සත් ජනපදයට පමණක් දෙවැනි වී ඇති නමුත් අගෝස්තු මැද භාගයේ සිට එක්සත් ජනපදයට වඩා දිනපතා ආසාදිතයන් එකතු කරමින් සිටියි.
ඒ අනුව අවසන් දිනයේදීද නව කොවිඩ්-19 ආසාදිතයන් 94,372ක් සහ මරණ 1,114ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වාර්තා කර තිබුණි.