කොවිඩ් 19 එන්නත ලැබිය යුතු සියලු දෙනාට ලබා දෙන බවත් එය පහසුවෙන් ලබා ගත හැකි බවත් වෛද්‍ය හේමන්ත හේරත් සහතා පවසයි.
මේ වන විට බස්නාහිර පළාත ආවරණය වන අයුරින් එන්නත ලබාදෙන බවත් බොහෝ ස්ථාවන එන්නත් කටයුතු සන්යමෙන් සිදුවෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
සීමිත ස්ථාන කිහිපයක එන්නත් ලබාදීමේදී දැඩි පෝලිම් තත්ත්වයක් දක්නට ඇති බවත් සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කර ඔවුන් ලබාදෙන දිනයට එන්නත ලබාගැනීමට පැමිණෙන ලෙසත් ඔහු දන්වා සිටියි.
“වෙන දවසක හරි එන්නත ලබා ගන්න පුළුවන්’ පහසුවෙන් ලබා ගන්න පුළුවන් දෙයක්.” යැයි ඔහු පැවැසීය.