චීනයේ සෞඛ්‍ය බලධාරීන් විසින් ජූලි මාසයේදී කොවිඩ්-19 ආසාදිතයන් 300කට වැඩි සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර, එය මාස පහකට පෙර සිදු වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවට බොහෝ දුරට සමාන අගයක් බව කියයි.
වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හා සම්බන්ධ ආසාදන ඉහළ යා හැකි බවට චීන රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) අනතුරු අඟවා ඇති අතර, එන්නත ලබා ගැනීමෙන් පසුවත් මුඛ ආවරණ පැලඳීම වැනි සෞඛ්‍ය පුරුදු පිළිපැදීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
චීන සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ ජුලි මාසයේදී විදේශයන්ගෙන් පැමිණෙන දෛනික ආසාදිතයන් සාමාන්‍යයක් ලෙස 27ක් පමණ වාර්තා වී ඇති බැවින්, එය වැඩි පීඩනයක් එල්ල කර ඇති බවයි. චීනයේ නැගෙනහිර කලාපයේ ඩෙල්ටා ප්‍රභේදය මගින් ඇති වූ වත්මන් වසංගත තත්ත්වයට නැගෙනහිර නැන්ජින් නගරයේ ගුවන් තොටුපල සේවකයන් හේතු වී ඇති බවද පවසයි.
"ඩෙල්ටා ප්‍රභේදය මුල් කොවිඩ්-19 ප්‍රභේදවලට වඩා අවම වශයෙන් දෙගුණයක් බෝවන බව පර්යේෂණයන් පෙන්වා දෙනවා. දැඩි වැළැක්වීමේ පියවර නොගන්නේ නම් සහ ප්‍රමාණවත් තරම් එන්නත් ලබාදීමක් සිදුකර නොමැති නම්, අපි සැලකිය යුතු ලෙස ආසාදන ඉහළ යාමේ අනුපාතයක් දකිනවා" චීන CDC හි පර්යේෂකයෙකු වන ෆෙන් සිජියන් පැවසීය.
චීන සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ එන්නත්වල තවමත් ආරක්ෂිත කාර්යක්ෂමතාවයක් ඇති බවයි. "එන්නත ලබාගත් අයටද වෛරසය ආසාදනය වූ තත්ත්වයන් වාර්තා වෙනවා.. මෙය සාමාන්‍ය දෙයක් මිස පුදුම විය යුතු තරම් අගයක් නොවෙයි. නමුත් ලොව පුරා පරිපාලනය කෙරී ඇති මාත්‍රාවන් බිලියන තුනකටත් වඩා ප්‍රමාණයෙන් සුළු ප්‍රමාණයක් පමණයි. වර්තමාන අධ්‍යයනයන් මගින් සියලුම තාක්ෂණික මාර්ගවල එන්නත්වල සාර්ථක බව ඩෙල්ටා හමුවේ යම් අඩුවීමක් තිබුණත්, මේ ප්‍රභේද තවමත් එන්නත් මගින් පාලනය කිරීමට පුළුවන්." චීන CDC හි ප්‍රධාන විශේෂඥ හා පර්යේෂක ෂාඕ යිමිං පැවසීය.