ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය මගින් සිදුකළ විමර්ශනයකට අනුව නයිලෝන් මිශ්‍රිත ටයර් රැහැන් රෙදි බව හඟවමින් චීනයේ සිට ආනයනය කළ එතනෝල් බැරල් 80ක් ලීටර් 15,308ක් සහිත කන්ටේනරයක් රේගු අත්අඩංගුවට ගෙන තිබේ.
චීනයේ සිට ග්‍රීන් චැනල් සමාගමක නම ව්‍යාජ ලෙස භාවිත කළ මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් විසින් එම එතනෝල් තොගය ගෙන්වා ඇත.
2019 වර්ෂයේ මැයි මාසයේ දී එම එතනෝල් සහිත කන්ටේනරය මෙරටට ගෙන්වා ඇති අතර ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය දීර්ඝව සිදුකළ විමර්ශනයකින් පසුව එහි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
එතනෝල් තොගය රාජසන්තක කර ඉන් අනතුරුව ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් රජයට බැර කිරීමට කටයුතු කරන බව රේගුවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
මෙහි දී ලබාගත් එතනෝල් සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට කටයුතු කරන බව ද රේගු බලධාරීන් පැවසීය.