එජාපය බිද දැමිමෙන් රාජපක්ෂ කඳවුර ශක්තිමත් වෙනවා - නවීන්
ශක්තිමත් එක්සත් ජාතික පක්ෂ තුල මතභේද ඇති කර කඩා වෙන් කිරිම තුලින් රාජපක්ෂ කදවුර ශක්තිමත් වන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්රික් අපෙක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.
නවින් දිසානායක මහතා එ බැව් කියාසිටියේ අද (25) දින නවින් දිසානායක මහතාගේ මැතිවරණ කාර්යාලයක් ගිනිගත්හේන නගරයේ විවෘත කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.
රටේ නායකයින් ගණනාවක් බිහි කර ශක්තිමත් එක්සත් ජාතික පක්ෂය තවදුරටත් ශක්තිමත් නායකයින් රැසක් රැදි සිටින බවත් , එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වි ගිය කොටසක් කිසිදු ප්රතිපත්තියක් නොමැතිව රටේ පාලන බලය ලබා ගැනිමට උත්සාහ කරන බවත් , එය කිසිසේත් ඔවුන්ට සිදු කල නොහැකි බවයි නවින් දිසානායක මහතා පවසන්නේ.
මහ මැතිවරණයේදි සමගි ජනබලවේගය මන්ත්රි ධුර කිහිපයක් ලබා ගන්නා බවත් , එසේ තේරි පත් වන මන්ත්රිවරුන් අනිවාර්යෙන්ම රාජපක්ෂ කඳවුර ශක්තිමත් කිරිමට ඔවුන් පිහිටුවන රජයත් සමග එක්වන බව නවින් දිසානායක මහතා පෙන්වා දෙයි.
සමගි ජන බලවේගය සමග එක්වි සිටින වැඩි පිරිසක් බලය සහ තනතුරු නොමැතිව දේශපාලනයේ රැදි සිටිමට නොහැකි පිරිසක් බවත් , එම පිරිස මැතිවරණයෙන් ජයගෙන ශ්රි ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවන රජයට අනිවාර්යෙන්ම එක්වන බවද නවින් දිසානායක මහතා පැවසිය.
තමන් මහ මැතිවරණයක් සදහා ඉදිරිපත් වන අවසන් මැතිවරණය මෙය බවත් , තමන් එක්සත් ජාතික පක්ෂිකයෙක් වශයෙන් දේශපාලනයේ රැදි සිටින බවයි නවින් දිසානායක මහතා මෙම රැස්විමේදි වැඩිදුරටත් කියා සිටියේ.

popular news
-
Nishantha Thursday, 25 June 2020 11:35 PM
Ai mamai banai kalin gihilla ahawal eka shakthimath kale.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
